(පුෂ්පකුමාර ජයරත්න)
ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු නවයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීහු අද (23) සමත්වූහ.
වැල්ලව පොලිසියට ලද තොරතුරකට අනුව ව්‍යාජ මුදල් නෝට්ටු නවයක් සමඟ 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් පුද්ගලයාගෙන් ලද තොරතුරු වලට අනුව අද (23) දඹදෙණිය ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත් වූහ.
අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබියදී ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 361 ක් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක්, ලැප් ටොප් පරිගණකයක් , ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර දෙකක් ,ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් තීන්ත සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දහසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හමුවී තිබේ
සැකකරු පරිගණක යන්ත්‍ර අලුත්වැඩියා කරන මුවාවෙන් මෙලෙස ව්‍යාජ මුදල් මුද්‍රණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ගිරිඋල්ල, කුරුණෑගල, නාරම්මල, ගම්පහ, මීරිගම සහ වැල්ලව යන ප්‍රදේශවල මෙසේ මුද්‍රණය කරණ ලද ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු සංසරණය වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැල්ලව පොලිසිය සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට