IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයේ යෙදුණු පුද්ගලයෙකු එලෙස මුද්‍රණය කරන ලද රුපියල් දහසේ මුදල් නෝට්ටු 48 ක්ද සමගින් හෝකන්දර උතුර ප්‍රදේශයේදී ඊයේ (18) දින රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

නවගමුව පොලිස් වසමට අයත් වැළිපිල්ලෑව සුමනසේකරපුර ප්‍රදේශයේ වෙළඳසල්වලට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගන්නා බවට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මාර්ග බාධකයක් යොදා අදාල සැක කටයුතු යතුරුපැදිය නවතා සිදු කල පරීක්ෂාවේදී සැකකරු සතුව තිබි එකම අංකයෙහි රුපියල් දහසේ නෝට්ටු 05 ක් හා තවත් අංකයක දහසේ නෝට්ටු 03 ක් හමු වූ බවත් ඒ සමගම සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.

පසුව සැකකරුගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී තමා විසින් තම නිවසේදී කුඩා මුද්‍රණ යන්ත්‍රයක් යොදා ගනිමින් අදාල ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයෙහි යෙදුණු බවට සැකකරු පාපෝච්චාරණය කළ බැවින් හෝකන්දර උතුර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.

ඒ අනුව සිදු කල පරීක්ෂාවේදී සැකකරුගේ නිවසේ තිබි ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබූ කඩදාසි තොගයක් රුපියල් පණහේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබූ කඩදාසියක් සහ අදාල මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 42 හැවිරිදි විවාහකයෙකු වන කුකුළු මස් ව්‍යාපාරිකයෙකි.

එලෙස අත් අඩංගුවට ගත් රුපියල් දහසේ මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රය සහ යතුරුපැදිය සමගින් අදාල සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site