IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
 
ව්‍යාජ නෝට්ටු තොගයක් සන්තකයේ තබා ගෙන සිටි අයෙකු අද (04) දහවල් තංගල්ල නගරයේදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.
 
උත්සව සමයේදී තංගල්ල කොට්ඨාශයේ කරනු ලබන විශේෂ මෙහෙයුමක් අතරතුරදී තංගල්ල නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරව මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගෙන තිබේ.
 
සැකකරු සන්තකයේ තිබී රුපියල් 500 සදහන් ව්‍යාජ මුදල් නොට්ටු 50ක් ද රුපියල් 5000ක් සදහන් ව්‍යාජ මුදල් නෝට්ටු 10ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැක කරු දික්වැල්ල ඌරුගමුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු බවත් ඔහු තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේද මීට කලින් පදිංචිව සිටි අයෙකු බවත් පොලීසිය සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
 
සැකකරු වලස්මුල්ල පොලිස් වසමේ ගෙවල් බිදීම් දෙකකට සම්බන්ධ නඩු දෙකකදී අධිකරණයෙන් වරෙන්තු ලබා  සැඟව සිටි අයෙකු බවත් තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.
 
සැකකරු හෙට (05) දිනයේදී තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා කරන බව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය පැවසීය.
 


 
 
 



අදහස් (0)

ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site