IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යාජ නෝට්ටු සමග තරුණයකු අත්අඩංගුවට

(සිතුම් චතුරංග)
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සමඟ තරුණයකු අද (03) දහවල් වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.


සැකකරු මෝටර් රථයකින් තවත් පුද්ගලයින් තිදෙනකු සමඟ පැමිණ ව්‍යාජ මුදල් ලබාදී මත්ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා උත්සහ දරා ඇති අතර ඒ පිළිබඳ වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලොර ආරච්චි මහතාවෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටලගත් බව පොලිසිය පැවසීය.


අත්අඩංගුවටගත් සැකකරු සතුවූ මුදල්වල වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දාහක් බවද කීය.


පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ මෝටර් රථයේ සිටි තිදෙනකු පලාගොස් ඇති අතර එම පලාගිය පිරිස පොලිසිය විසින් මේ වනවිට හදුනාගෙන තිබෙන බවත්ය.


පලාගිය සැකකරුවන් අත්අඩංගුවටගැනීමට විශේෂ විමර්ශණයක් ආරම්භ කොට ඇති බවද සඳහන් කළේය.
සැකකරු පුත්තලම, මරදන්කුලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙකි.


වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  



අදහස් (0)

ව්‍යාජ නෝට්ටු සමග තරුණයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site