IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ව්‍යාජ ඩොලර් නෝට්ටු 50 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(එච්.එම් ධර්මපාල)

රුපියල් ලක්ෂ අටකට අධික වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටු 50 ක් , ජංගම දුරකතන දෙකක් සහ සිම් පත් දෙකක් සමඟ නුගේගොඩ ආපන ශාලාවකදී අද (03) පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවත් මොහු කොළඹ ප්‍රදේශයේ තාවකාලිකව නැවතුම් ගෙන මෙලෙස ව්‍යාජ නෝට්ටු ජාවාරමේ නිරත වී ඇති බවත් පොලිසිය කීය.

සැකකරු මීට පෙර රුපියල් ලක්ෂ 20 ක් වංචා කර ඇති බවත් ලක්ෂ 40 ක් මංකොල්ලකා ඇති බවත් ගල්කිස්ස බුද්ධි ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී හෙළි වී තිබේ.

ඩොලර් 100 නෝට්ටු 50 ක් රුපියල් ලක්ෂ අටකට ලබාදෙන බවට පුද්ගලයෙක් වෙත ලබා දුන් පොරොන්දුවක් සැකකරු වංචා සහගත ලෙස මගහැර තිබූ බවට කොහුවල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

ඒ අනුව එම පුද්ගලයා විසින් සැකකරු වෙත රුපියල් ලක්ෂ අටක මුදල නුගේගොඩ ආපන ශාලාවකට රැගෙන එන ලෙස කළ දැනුම් දීම අනුව සැකකරු ව්‍යාජ ඩොලර් නෝට්ටු රැගෙන විත් ගණදෙනුකරුට ලබා දීමේදී අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පැවැසීය.



අදහස් (0)

ව්‍යාජ ඩොලර් නෝට්ටු 50 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site