( තිළිණි ද සිල්වා )
ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණයකින් මාස අට බැගින් සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ 21 හැවිරිදි සහ 32 හැවිරිදි වියේ පසුවන ලාංකිකයින් දෙදෙනාට දෙදෙනෙකුට එරෙහිවය.
මොවන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාජ සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ සිංගප්පූරු හැදුනුම්පතක් ළග තබාගැනීමේ චෝදනා මත පසුගිය පෙබරවාරි 29 වන දින සිංගප්පූරුවේ ටුවාස් මුරපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අනෙක් ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට ආධාර අනුබලදීමේ චෝදනා මතය..
පසුව මොවුන්ට එරෙහිව සිංගප්පූරු පොලීසිය විසින් එරට අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එම නඩු විභාගය ඊයේ (06) අවසන් කරමින් මෙම සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
මෙම ලාංකිකයින් දෙදෙනා සරණාගතභාවය සදහා කැනඩාවට යාමට මෙලෙස ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාජ ගුවන් බලපත් ළඟ තබා ගත් ලාංකිකයින් දෙදෙනෙකුට සිංගප්පූරුවේදී සිර දඬුවම්
Dayan Sunday, 07 June 2020 06:08 AM
මේ වාර්තාකරුවන් ගමන් බලපත් වලට ගුවන් ගමන් බලපත් කියන්නේ මන්ද?
නෙවිල් Sunday, 07 June 2020 07:41 AM
හිරේ මාස අටෙන් පස්සේ ආපසු ලංකාවට එවනවාද ?