IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ව්‍යාජ ගමන් බලපතක් යොදා රට යන්න හැදූ කතක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන බ්‍රිතාන්‍යය බලා පිටත්ව යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (28) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඇය මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාව අද (28) දහවල් 1.30 ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එහිදී ඇය විසින් ඉදිරිපත් කළ වීසා බලපත්‍රයේ ඇති ආරක්ෂිත සළකුණු වල තිබූ වෙනස්කම් කිහිපයක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී එස්.රණවක මහතාට නිරීක්ෂණය වීමෙන් පසුව, මෙම ගුවන් ගමනෙහි අරමුණ පිළිබඳව ඇයගෙන් විමසූ විට ඇය තම ස්වාමිපුරුෂයා හමුවීමට ලන්ඩන් නුවර බලා යන බව පවසා තිබේ.

පසුව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු පරීක්ෂණාගාරයේ රාජකාරියේ නියුතු දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් මේ පිළිබඳව සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලදී, මෙම වීසා බලපත්‍රයෙහි ඇති තාක්ෂණික වෙනස්කම් හඳුනා ගෙන,මෙය ව්‍යාජ වීසා බලපත්‍රයක් බව අනාවරණය කරගෙන ඇත.

ඒ සමගම මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර විමසීමක් ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, එම කාර්යාලීය නිලධාරීන් ද මෙම වීසා බලපත්‍රය ව්‍යාජ එකක් බව තහවුරු කර තිබේ .

ඉන්පසුව මෙම කාන්තාව සහ ඇයගේ වීසා බලපත්‍රය ද වැඩිදුර විමර්ශන කටයුතු සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ.



අදහස් (2)

ව්‍යාජ ගමන් බලපතක් යොදා රට යන්න හැදූ කතක් අත්අඩංගුවට

ravi Sunday, 28 July 2019 11:04 AM

කුඩු, මැණික් වගේ දේවල් එහෙම හම්බවුනේ නැද්ද ?

:       0       0

nandana Sunday, 28 July 2019 12:40 PM

අද ලංකාවේ වසන මධ්‍යම පන්තියේ සහ ඉන් පහල බොහෝ දෙනෙකුට තමන්ගේ අනාගතය ගැන එතරම් සුභවාදී බලාපොරුත්තුවක් තබා ගත නොහැක. අද ළමයෙකුට ඉගෙන ගත්තත්, හොඳ රැකියාවක් සොයා ගත නොහැකියි. ලංකාවේ මිනිසුන් මොනයම් ආකාරයකට හෝ රටින් පැනයාමට උත්සාහ කරන්නේ මේ හේතුව නිසයි. මෙයට දැන් පිලියමක් නොකලොත්, හෙට දවසේ ලංකාවේ ඉතිරිවන්නේ රොඩු ටික පමණයි.

:       34       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32402 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14906 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site