(උපාලි ආනන්ද)
පොළොන්නරුව සිරිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ගිය අවස්ථාවේ දී දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තමාට පහරදීමට තැත් කළැයි උතුරුමැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ විගණන හා විමර්ශන නිලධාරි ලලිත් ගමගේ මහතා අරලංගවිල පොලිසියට පැමිණිලි කර තිබේ.
විමර්ශන නිලධාරියා පසුගිය 7 වැනිදා මෙම පැමිණිල්ල විභාගයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී සභාපතිවරයා පහරදීමට තැත්කර රාජකාරියට බාධාකර පලවා හැරිය බව කියමින් ඔහු පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධමිම්ක වීරසේකර මහතා මගින් අරලගංවිල පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.
මෙම ඉන්ධන වංචාවට යොදාගෙන ඇති සිරිපුර ඉන්ධන පිරවුම්හළට ගිය අවස්ථාවේ දී එහි අයිතිකරු වන හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා වන ජගත් සමරවික‍්‍රම නැමැත්තා තර්ජනය කළ බවට මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
තමා එම විමර්ශන කටයුතු නවතා ඒ බව උතුරුමැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ද දැනුම් දුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විමර්ශනය කරන්න ගිය නිලධාරියාට තර්ජනය කිරීම ගැන පැමිණිල්ලක්