බිඟුන් මේනක ගමගේ
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් කෙරෙන වඳුරාපිනූ ඇල්ල ජලසම්පාදන ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ කටයුතු අතරමග නතර වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කටයුතු භාර දී තිබූ මහවැලි උපදේශන සේවා කාර්යාංශය ඈවර කිරීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය මෙම තත්ත්වයට හේතු වී ඇතැයි මහවැලි අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
වඳුරාපිනූ ඇල්ල ජලසම්පාදන ව්‍යාපෘතියේ කටයුතු සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය හා ටාටා ප්‍රොජෙක්ට්ස් ලිමිටඞ් ඉන්ඩියා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කර තිබූ අතර එහි පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සැකැසීම මහවැලි උපදේශන සේවා කාර්යාංශයට පවරා තිබුණේ 2018 මාර්තු 7 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමෙන් පසුවය.
මේ සඳහා රුපියල් ලක්ෂ 600 ක මුදලක් නිදහස් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට එකඟතාව ද පල කර ඇතැයි එම නිලධාරියා පැවසීය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා 2018 නොවැම්බර් 27 වැනිදා ලිපියක් මගින් මෙම පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ කටයුතු මහවැලි උපදේශන සේවා කාර්යාංශය මගින් කිරීමට බාරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඳුරාපිනූ ඇල්ල ව්‍යාපෘතියේ පාරිසරික තක්සේරු නවතී