(ක.ග. කරුණාරත්න)
මේ රට තුළ සිදුකෙරෙන නොයෙක් අන්දමේ වන විනාශයන් පිටුදැකීම සඳහා නොපමාව ක්‍රියාකරන ලෙස පාලකයින්ට බල කරමින් මහසංඝරත්නය ඇතුළු මහජනතාව 500කට අධික පිරිසක් අද (06) පොළොන්නරුව නගරයේදී විරෝධතාවක නිරත වුහ.
“හදවතට ජීවය දුන් මිහි මව සුරකිමු ” යන මැයින් පා ගමනක් සංවිධානය කර තිබූ අතර එය පොළොන්නරුව දීප උයන අසලින් ආරම්භ වී පොළොන්නරුව නගරයේ ඔරලෝසු කණුව දක්වා ගමන් කර නැවතත් දීප උයන දක්වා ආපසු ගමන් ගත්තේය.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, පොළොන්නරුව ජල ගැලුම් නිම්නය සුරැකීමේ ජනතා ව්‍යාපාරය සහ පොළොන්නරුව අපි යන සංවිධාන විසින් මේ විරෝධතාව සංවිධිනය කර තිබුණි.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙහිදි කියා සිටියේ අද වනවිට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රමුඛතාව පොළොන්නරුවේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනේද්‍යානය ඇතුළු රටේ ජාතික වනෝද්‍යාන රාශියක් දේශපාලන බලපුළුවම්කාරයින් අතුළුව වන අපරාධකරුවන් විසින් විනාශ කරමින් සිටින බවයි. මේ වන විනාශයන්ට එරෙහිව රජය නොපමාව අවැසි පියවර නොගතහොත් මේ රටේ මහා සංඝරත්නය, මහජනතාව වර්තමාන පාලකයින්ට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස පෙරමුණට පැමිණෙන බවත් එහි ජාති ආගම් බේද, දේශපාලන පක්ෂ බේදයක් නොමැති බවද උන්වහන්සේ කීහ.
ඒ අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝරත්නයට, මහජනතාව සහ මහමග ගමන්ගත් ජනතාවටද රෝපණය කිරීම සඳහා පැළවර්ග බෙදාදීමක් ද මෙහිදි සිදු කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වන විනාශයන් පිටුදැකීමේ විරෝධතාවක් පොළොන්නරුවේදී
රුවන් සර් Saturday, 06 April 2019 05:17 PM
රටට අවැසිම මොහොතක මෙසේ පෙළගැස්මක් ගොඩනැගෙන එක ඉතාමත් යහපත්. පුලුවන් සෑම විටකම අපද මේ වෙනුවෙන් දෙයක් කල යුතුමයි. මන්ද මේ අපේ මවු බිමයි
චාමර - සිරිපුර Monday, 08 April 2019 02:43 AM
විල්පත්තු විනාශය නවතමු