IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෑන් - ලොරි අනතුරින් දෙදෙනෙක් මරුට

(ඞී.කේ.රත්න)

වැල්ලවාය මොනරාගල ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය ආනපල්ලම ප‍්‍රදේශයේදී අද (06) හවස 6.30 ට පමණ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි  වැල්ලවාය පොලිසිය පවසයි.

මෙම අනතුරින් එම ස්ථානයේ මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි වැල්ලවාය වරුණගම පදිංචි වයස අවුරුදු 55 ක කාන්තාවක් සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි බුත්තල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක කාන්තාවක් මියගොස් තිබේ.

වැල්ලවාය ප‍්‍රදේශයේ සිට බුත්තල දෙසට ධාවනයවෙමින් තිබූ ලොරි රථයක් සහ බුත්තල ප‍්‍රදේශයේ සිට වැල්ලවාය ප‍්‍රදේශයට ධාවනයවෙමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මියගිය කාන්තාවන් දෙදෙනාගේ මෘත දේහ වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇත. වැල්ලවාය පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.

 



අදහස් (0)

වෑන් - ලොරි අනතුරින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site