(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ - නුවරඑළිය මාර්ගයේ නානුඔය , බංගලාහත ප්‍රදේශයේදී වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (26) සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා බවත් ඔහු නානුඔය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙකු බවත් පොලිසිය කියයි.
නුවරඑළියේ සිට නානූඔය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථය තලවකැලේ සිට නුවරඑළිය දෙසෙට ධාවනය වූ වෑන් රථයේ වැදී ඇති අතර ත්‍රී රෝද රථ රියදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරා නුවරඑළිය මහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු කීය.
වෑන් රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.



2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෑන් රථයක් - ත්‍රීරෝද රථයක් ගැටී අයෙක් මරුට