IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෑන් රථයක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පුත්තලම මාර්ගයේ 38 වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් දෙදෙනෙකු වෑන් රථයක ගැටීමෙන් අද (06) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ අනුරාධපුර විධායක ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවයකළ බුලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අනුරාධපුර පුත්තලම මාර්ගයේ මෙම 38වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් පසුගිය දිනවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අළුත්වැඩියාවන් ආරම්භ කර තිබුණි.

මෙහිදි මාර්ග තදබදය අවම කිරීම සදහා මෙම සේවකයන් දෙදෙනා අධිකාරිය මගින් යොදවා තිබූ බව පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා රාජකාරියේ නිරතව සිටියදි අද(06)දින අළුයම අනුරාධපුර සිට කොළඹ දක්වා අධික වේගයෙන් ගමන් කරමින් තිබු වෑන් රථයක මෙම සේවකයන් දෙදෙනා ගැටි බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

වෑන් රථයක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site