IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වන ගහණය වැඩි කරන්න අග්නිදිග සරසවියෙන් ව්‍යාපෘතියක්

(අජිත්ලාල් ශාන්තඋදය)


වනගහණය වැඩි කර ‘හරිත ශ‍්‍රී ලංකාවක්’ ඇතිකිරීම උදෙසා ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජීව විද්‍යා අංශය විසින් සැලසුම් කළ බීජ බෝල ව්‍යාපෘතිය  මගින් අම්පාර, අරංතලාව රක්‍ෂිත ප‍්‍රදේශ වල විසුරුවා හරිනු ලැබූ බීජ පැල සාර්ථකව පැලවී ඇති බව අම්පාර දිසාවන නිලධාරී නිශාන්ත මුණසිංහ මහතා පවසයි.


මීට සති තුනකට පමණ පෙරදී ශ‍්‍රීලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික  විද්‍යාලයේ  ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එම්.රියාස් අහමඞ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම බීජ බෝල පන්දහසක පමණ ප‍්‍රමාණයක් අරංතලාව රක්‍ෂිත ප‍්‍රදේශයේ වුසුරුවා හැරිය බවද මුණසිංහ මහතා පැවසීය.


මාර, කොහොඹ, කොබෝලීල, ඇහැළ, රතු මාර, දං, සියඹලා, මදටිය,ඉඟිනි ඇතුලූව තවත් බීජ වර්ග රැසක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සහ වනසංරක්‍ෂණ නිලධාරීන්ගේ පූර්ණ දායකත්වයෙන් රක්‍ෂිතයට මුදාහල බවද මුණසිංහ මහතා පැවසීය.


මෙම බීජ බෝල ව්‍යාපෘතියේ උපදේශකත්වය සහ නායකත්වය ගත් ශ‍්‍රීලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජීව  විද්‍යාලයේ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එම්.රියාස් අහමඞ් මහතා පැවසුවේ බීජ බෝල ව්‍යාපෘතිය ඊජිප්තුවේ පුරාණ තාක්‍ෂණයක් බවයි.
‘‘දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපන් ජාතිකයන් නැවත වරක් මේ තාක්‍ෂණය සොයාගත්තා. බීජ අරගෙන පස් භාවිතා කර මැටි බෝල ලෙස සකසා විසුරුවා හැරීමයි මේ ක‍්‍රමය. විවිධ වර්ගවල බීජ මේ ආකාරයට මැටි බෝල ලෙස සකස් කරගන්නවා.’’
 
 ‘‘මැටි, ගොම, වතුර 3:2:1 අනුපාතයට මිශ‍්‍ර කරලා බීජයක් වටකරලා  මැටි බෝලයක් හදනවා. ඒ වගේ මැටිබෝල ගණනාවක් කියන්නේ බීජ ගණනාවක්. බීජ වර්ග වෙන වෙනම බෝල කරන්නේ.  මේ බීජ බෝලය එකදවසක් සෙවනේ වියළා ගන්නවා. හිරු එළියේ තවත් දවසක් වියළා ගන්නවා. ඊට පස්සේ වියළි සිසිල් තැනක තියාගන්නවා. වැසි සමය පෙර ඒවා අවශ්‍ය තැන්වල විසුරුවා හරිනවා. වැසි සමයේදී මැටි දියවෙලා බීජ ප‍්‍රරෝහනය වෙනවා. මෙහි ප‍්‍රරෝහණ සාර්ථකත්වය 94%ක්’’


‘‘අපි අත්හදා බැලීමක් ලෙස පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 12දා ශාක වර්ග දහයකින් බීජ ලබාගෙන සකස් කළ බීජබෝල 100ක් විසුරුවලා අත්හදා බැලූවා. දින 16ක පසු නිරීක්‍ෂණය කරද්දී ඒ බීජ 89%ක ප‍්‍රරෝහණ සීග‍්‍රතාවක් හා 19%ක ප‍්‍රරෝහණ සාර්ථකත්වයක් නිරීක්‍ෂණය කළා. දැන් මේ බීජ බෝල සෑදීම සහ ව්‍යාප්ත කිරීම ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ලෙස විශ්ව විද්‍යාල විෂය නිර්දේශයටත් ඇතුළත් කරලා තියෙන්නේ.’’


‘‘මේ බීජ බෝල විසුරුවාලීම පිළිබ`ද දැනුවත් කිරීමේ වැඩසටහන් ශ‍්‍රීලංකාව පුරාම විසිරි සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට අපි පවත්වනවා. ඊට අමතරව අත්පොත්, අත් පත‍්‍රිකා, වීදි නාට්‍ය ආදිය මගින් මහජනතාවත් දැනුවත් කිරීම සිදුකරනවා’’ යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එම්.රියාස් අහමඞ් මහතා පැවසුවේය.


රක්‍ෂිත වනාන්තරව පැල නැවත රෝපණය කිරිමට මෙම බීජ බෝල ක‍්‍රමය ඉතා සාර්ථක බව අම්පාර දිසාවන නිලධාරී නිශාන්ත මුණසිංහ මහතා පැවසුවේය. නැගෙනහිර පළාතට වර්ෂාව ලැබෙන ඊසාන දිග මෝසම් වැස්ස ආරම්භයත් සමග වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අරංගතලාව රක්‍ෂිත ප‍්‍රදේශවල විසුරුවා හැරිය  බීජ බෝල පැලවීමේ සාර්ථාකත්වයක් මේ වනවිට පෙන්නුම්කර ඇති බව ද මුණසිංහ මහතා  පැවසුවේය.

 



අදහස් (0)

වන ගහණය වැඩි කරන්න අග්නිදිග සරසවියෙන් ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site