(නයනජීව බණ්ඩාර)
බුත්තල ගෝනගංආර පොලිස් වසමට අයත් මාලිගාවිල හැබැස්ස ප්‍රදේශයේදි වනඅලි පහරදීමෙන් අඹු-සැමි යුවලක් අද(17) අලුයම මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇතිතේ මොණරාගල කුඹුකන වෙල්ලච්ච්කඩේ ලිපිනයේ පදිංචි කේ.රාමක්‍රිෂ්නන්(68) හා ඒ.මාරියා(65) යන දෙදෙනාය.
මොවුන් දේපල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් රබර් ඉඩමක රබර් කිරි කපන්නට යාමේදි මෙම වනඅලි පහරදී තිබෙන බව පොලිස් විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.