IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වන අලි ගෙට කඩාවැදී පාසල් දැරියන් දෙදෙනකුගේ දිවි තොර කරති

නිශාන්ත කුමාර
 
මහියංගන පගරගම්මන  ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වන අලි පහරදීමකින් එකම පවුලක ඥාති සොහොයුරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගන පොලිසිය පවසයි.                     

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහියංගන අංක 41 රෝහණ මාපාකඩ පදිංචි පගරගම්මන  විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අන්වර් උම්මා රාෂීයා (11) සහ පාතිමා රිස්කා (09) නැමැති ඥාති සොයුරියන් දෙදෙනෙකි.                                                               

 ගම්මානය වෙත කඩා වැදුණු වන අලියකු මෙම දැරියන් පදිංචිව සිටි නිවසේ බිත්තියක් පෙරලා දමා ඇති අතර ඔවුන් නිවසින් එළියට පැන දිව යාමට සැරසෙද්දී දැරියන් දෙදෙනාට අලියා  පහරදී ඇත.

සිද්ධියෙන් පසුව දැරියන් දෙදෙනා වහාම මහියංගන රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත.                                               
දැරියන් දෙදෙනා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදු කිරීමට නියමිත අතර  මහියංගන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප රංජිත් කරුණාවීර

 



අදහස් (0)

වන අලි ගෙට කඩාවැදී පාසල් දැරියන් දෙදෙනකුගේ දිවි තොර කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site