IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වන අලියකු පහර දීමෙන් පුද්ගලයෙක් මරුට

 (දිලීප් ජයසේකර හා අශෝක තිලකරත්න)
 
 
හම්බන්තොට පල්ලෙමලල ප්‍රදේශයේ කැලෑවක දර කැඩිමට ගොස් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක් වු  පුද්ගලයෙකු අද (13)  මියගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
 
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ නිවාස අංක 08,පල්ලෙමලල,වැලිගත්තලිපිනයේ පදිංචි 71 හැවිරිදි ඒ.එච්.ගුණපාල නැමති සය දරු පියෙකි.
 
මියගිය පුද්ගලයා තවත් කාන්තාවන් දෙදෙනෙකුද සමග දර කැඩිම සදහා අද (13) පෙරවරුවේ පල්ලෙමලල ප්‍රදේශයේ පිහිටි කැලෑවක් තුළට ගොස් තිබේ.
 
එම අවස්ථාවේදි එකවරම වන අලියෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර තිදෙනාම වන අලියාගෙන් බේරීමට දිව ගියද එක් අයෙකුට වන අලියාට ගොදුරු වි තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරික්ෂණ වාර්තාව සිදු කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.



අදහස් (0)

වන අලියකු පහර දීමෙන් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site