(කේෂර ගුණතිලක)
ඔක්කම්පිටිය මාලිගාවිල පලුකැපිටියවැව කුඹුරු යායේදී අද (16) උදෑසන වන අලියෙකු පහරදීමෙන් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඔක්කම්පිටිය පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාලිගාවිල මිණිපුරගම පදිංචි ජේ.එම් අබේපාල (48) නැමති ගොවි මහතෙකි.
හෙතෙම ඔහුට අයත් පලුකැපිටිය වැවේ කුඹුරු යායේ පිහිටි තම කුඹුරේ වී වගාව රකිමින් සිටියදී වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය අද (16) සවස ඔක්කම්පිටිය හදිසි මරණ පරීක්ෂක නිහාල් රංජිත් මහතා විසින් පැවැත්වීමට නියමිතය.
ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ජේ.සී.ඒ බ්‍රැසිල් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.