(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව කඩවත මුහුදේ පාවෙමින් තිබු මළ සිරුරක් අද (24)උදෑසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
කඩවත මුහුදේ මළ සිරුරක් පාවෙමින් තිබෙනු දුටු ධීවරයන් පිරිසක් විසින් තෙප්පමකින් ගොස් සිරුර ගොඩට ගෙන වෙන්නප්පුව පොලිසියට දැනුම් දී ඇත.
මියගොස් ඇත්තේ බටහිර දුම්මලදෙණියේ පදිංචි ඩබ්. සිරිල් තමෙල් නැමති 76 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය තැනැත්තා යම් අසනීප තත්වයකින් සිට ඇති බවත් අද (24) අලුයම 5.30 පමණ නිවසින් අතුරුදන් වීම සම්බන්ධයෙන් බටහිර දුම්මලදෙණිය ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කර සිටියදී මළ සිරුර වෙරළේ තිබී හඳුනාගත් බවත් මියගිය තැනැත්තාගේ දියණියක පැවසුවාය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මාරවිල රෝහලට ගෙන ගොස් ඇත.
වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වෙන්නප්පුව මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ