IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


වනජීවියෙන් ගත් ඉඩම් ගොවිතැනට යළි ඉල්ලති

 
(ක.ග.කරුණාරත්න) 

 
වනජීවී දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත පවරා ගනු ලැබූ තම ඉඩම් වගා කිරීම සඳහා නැවත ලබාදෙන ලෙස ඉල්ලා පොලොන්නරුව, වේරෝඩයාය සහ විලාඩිමඩුයාය යන ප්‍රදේශවල ගොවීහු පිරිසක් අද (10) උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 


අක්කර 585 ක් පමණ වන මෙම කුඹුරු යායේ සිංහල, මුස්ලිම් ගොවි පවුල් 218 ක් පමණ දිවි රැක ගන්නා බව උපවාසයට එක්ව සිටින ගොවි ගෙවිළියෝ කියා සිටිති.


ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර  4000කට ආසන්න ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන කුඹුරු අස්වද්දා සිටියදී වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයේ නඩු පවරා අධිකරණ නියෝග මත සන්තකය යළි පවරාගත් බව  වනජීවී නිලධාරීහු පවසති. 


ගොවි උපවාසයට ප්‍රදේශයේ ගොවි ගෙවිළියන් 12 දෙනෙකු පමණ අද (10) දහවල් වනවිට එක්ව සිටි බව පොලීසිය සඳහන් කළේය.



අදහස් (0)

වනජීවියෙන් ගත් ඉඩම් ගොවිතැනට යළි ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 240 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 293 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site