(මොහොමඩ් ආසික්)
මහනුවර මාරතුගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉවත් කරන ලද ප්‍රාථමික අංශය යළි ලබා දෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ ආදි ශිෂ්‍යයෝ, මව්පියවරු ඇතුළු පිරිසක් අද(20) විදුහලට පිවිසෙන මාර්ගය අසළ විරෝධතාවයක නිරත වූහ.
එම විරෝධතාවයට එක්වූ පිරිස සඳහන් කළේ, වසර 125 කට වඩා පැරණි මෙම විදුහලෙන් ද්විතීයික පාසැල් ක්‍රමය යටතේ ප්‍රාථමික අංශය ඉවත් කිරීම හේතුවෙන් පාසැලේ සිසුන්ගේ පැමිණීම අඩාල වී පාසැල වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බවයි.
මෙම විදුහලෙන් ප්‍රාථමික අංශය ඉවත් කර ඒ වන විට වසා දමා තිබූ කිසිදු පහසුකමක් නොමැති මැදගොඩ කනිෂ්ඨ විද්‍යාලයට අනුයුක්ත කළ බවත් එම විදුහලේ අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ලවී ඇති බවත් සියලු සිසුන් ඇතුළත් කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුහූ කියති.
මැදගොඩ විදුහලට මේ වසරේ පළමු වසර සඳහා ඉල්ලුම් 150 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණත් එයට ඇතුලත් කර ගනු ලබන්නේ පන්ති දෙකකට සිසුන් පමණක් බවත් ඉතිරි සිසුන්ට පාසැලක් නොමැති බවත් ඔවුහූ කියති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
විදුහලකින් ඉවත්කළ ප්‍රාථමික අංශය ලබාදෙන්නැයි මව්පියවරු වීදිබසිති