IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදෙස් දුම්වැටි සමඟ ගුවන් තොටුපොලේදී දෙන්නෙක් අත්අඩංගුවට



(ටී.කේ.ජී.කපිල )
 
                    විදේශීය නිෂ්පාධිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු  අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය .
 
                මෙම ගුවන් මගීන් ගෙන් එක් අයෙකු 53 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක වන අතර , අනෙක් පුද්ගලයා 40 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .මොවුන් දිනපතා ගුවන් ගමන් වල යෙදෙමින් විදේශයන් ගෙන් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ යෙදී සිටින්නන් බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ .
 
               මොවුන් දෙදෙනා අලුයම 3.35 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ,එහි සියලු පරීක්ෂණයන් නිමාවට පත් කර ,ගුවන් තොටුපොළෙන් පිටව යෑමට ආසන්නව සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
 
            මෙහි විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 52,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 263 ක් ඔවුන්ගේ ගමන් මලු වල තිබූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 26,30,000 (විසි හය ලක්ෂ තිස් දහසක් ) බව එම පොලිස් නිලධාරීවරයා පැවසීය.
 



අදහස් (0)

විදෙස් දුම්වැටි සමඟ ගුවන් තොටුපොලේදී දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site