(දිලීප් ජයසේකර)
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි අලෙවි කරමින් සිටි රන්න කට්ටකඩුව ප්‍රදේශයේ වෙළඳ සැල් හිමියෙකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම පොලිස් වසමට අයත් රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වෙළඳ සැල් හිමියෙකි.
රන්න කට්ටකඩුව ප්‍රදේශයේ වෙළඳ සැලක විදේශීය දුම් වැටි අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී වෙළද සැලේ තිබී විදේශීය දුම්වැටි 124 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිවේගි මාර්ගයේ සේවයට පැමිණ සිටින චීන ජාතිකයන් මාර්ගයෙන් මෙම විදේශීය දුම් වැටි වෙළද සැළට අලෙවි කිරීමට ලැබෙන බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෙළදසැල් හිමියා පවසා ඇත.
අත්අඩංගුවට ගත් වෙළදසැල් හිමියා වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා හුංගම පොලිසියට බාර දී ඇති අතර සැකකරු අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශීය දුම්වැටි 124 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Padmapriya Sunday, 07 June 2020 10:37 PM
බොහොම හොදයි. කුඩු කාරයන් අල්ලන්නේ නැතුව සිගරට් වෙළෙන්දෝ තමයි අල්ලන්න ඕන. අනේ මෙහෙමත් රටක්.