(ප්‍රසන්න පත්මසිරි)
විදේශයෙන් ගෙන්වන ලද ආහාර ද්‍රව්‍ය, ලේබල් නොකර පස්සර නගරයේ වෙළඳසැල්වලට නීතිවිරෝධීව බෙදාහැරිය බව කියන දෙදෙනෙකු අද(23) අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි.
කඩල, වටානා සහ ග්‍රීන්පීස් ඇතුළු ධාන්‍ය සහ එළවළු කිලෝ 1000ක් සමසඟ ලොරි රථයක්ද සිය බාරයට ගත් බව එම කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ බෙදාහැරීම් ආයතනයක් සම්බන්ධ නොවී මෙම ආහාර විදේශයෙන් ගෙන්වා තිබූ බව නිලධාරීහු කීහ.
අත් අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය සමග සැකකරුවන් හා ලොරි රථය පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පස්සර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.විජයකුමාර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන විජිත ගුණසේකර, පාමින් නිජාඩින්, එන්.කරන් යන අය වැටලීමට එක්වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදේශයෙන් ගෙන් වූ ආහාර නීතිවිරෝධීව අලෙවි කළ දෙදෙනෙකු දැලේ