IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


විදේශගතව සිට පැමිණ ලියාපදිංචි නොවූ අය සොයා ගාල්ලේ පරීක්ෂණ

ඩී.ජී.සුගතපාල
 
මාර්තු මස පළමුවන දිනෙන් පසුව විදේශ රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචිවීම සඳහා දී තිබු අවසන් දිනය වු අප්‍රියල්  (01)  වන දින දහවල් 12.00 දක්වා කාලය තුල  ලියා පදිංචි නොවු පුද්ගලයින් පිළිබඳ සොයාබලා අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ඔවුන්ගේ නාම ලේඛන අදාල පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි.
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ මේ මස පළමුවන දින දක්වා  ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසයේ ඇති පොලිස් ස්ථාන 15කලියා පදිංචිවු පුද්ගලයින් 1473ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවය.
 
එම පිරිසෙන් ප්‍රථමයෙන්ම ලියා පදිංචිවි ස්වයං නිරෝධායනයට යොමු කරන ලද  පුද්ගලයින් 600ක් අද (03) වනවිට ස්වයං නිරෝයාධනය අවසන් කර ඇති බවද තවත් 873ක් නිරෝධායනය වෙමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා  පැවසිය.
 
මෙසේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති පිරිස අතර ලාංකිකයින් මෙන්ම විදේශිකයෝ කිහිප දෙනෙක්ද වෙති.
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා වැඩි දුරටත් පැවසුවේ විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාම  ලියා පදිංචි විය යුතු බවට රජය විසින් දෙන ලද උපදෙස් අනුව ලියා පදිංචි නොවි ඇති පුද්ගලයින්ගේ නාම ලේඛණ සියල්ලම ලැබි ඇති අතර ඒ අනුව ඔවුන්  සොයා මෙසේ පරික්ෂණ ආරම්බ කර ඇති බවය. 



අදහස් (0)

විදේශගතව සිට පැමිණ ලියාපදිංචි නොවූ අය සොයා ගාල්ලේ පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 816 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1772 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site