IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි සැර වැදී වවුනියාව පොලිසියේ ‘කූපර් සුනඛයා’ මරුට

සිතුම් චතුරංග

           

වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රඳවා සිටි කූපර් නැමති නිල සුනඛයා අද (10) උදෑසන විදුලි සැර වැදී මියගොස් ඇති බව වවුනියාව පොලිසිය කියයි.

නිල සුනඛයාට විදුලි සැර වැදින අවස්ථාවේ එම සත්වයා බේරාගැනීමට ගිය සුනඛයා භාර පොලිස් කොස්තාපල්වරයා ද විදුලි සැර වැදී රෝහල් ගත කළ බව කියයි.

මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ කූපර් නැමති ලැබ්ඩර්ඩෝ වර්ගයේ සුනඛයකු වන අතර එම සත්වයා භාරකරු වූ පොලිස් කොස්තාපල් 60318 යු.ජි.අයි.  උදය කුමාර නිලධාරියා විදුලිසැර වැදී වවුනියාව රෝහල වෙත ඇතුළත් කර සිටියි.

නිල සුනඛයා උදෑසන ශරිර සුවතාවය සඳහා පොලිස් ක්‍රීඩාංගණය තුළ ඇවිදිමින් හා ක්‍රීඩා කරමින් සිට කම්බි වැට අසලට ගොස් ඇති බවත් එහිදී විදුලි සැර වැදී තිබූ බවයි.

මියගිය නිල සුනඛයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊරට්ටපෙරියකුලම පශු වෛද්‍ය ඒකකයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

සුනඛයාගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

විදුලි සැර වැදී වවුනියාව පොලිසියේ ‘කූපර් සුනඛයා’ මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site