(ජේ. කේ. එල්. චාමින්ද)
සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් කුරුදුගහ දෙමටගහකන්ද ප්‍රදේශයේ කුඹුරක ගොයම් කැපීමට ගිය කාන්තාවකට හා පුරුෂයකුට අද (05) විදුලිසැර වැදී ඇති බවත් එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත් ඇල්පිටිය පොලිසිය පවසයි.
දෙමටගහකන්ද ප්‍රදේශයේ කුඹුරක ගොයම් කැපීමට ගිය කාන්තාවකට විදුලිසැර වැදී ඇති අතර කාන්තාව බේරාගැනීමට උත්සාහ කළ එම පුද්ගලයාටද විදුලිසැර වැදී ඇති බව පොලිසිය පවසයි.
විදුලිසැර වැදීමෙන් ගොනෙකුද මියගොස් සිටි බව පොලිසිය පවසයි.
වල් ඌරන් දඩයම් කිරීම සදහා කුඹුරේ විදුලි රැහැන් ඇද ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වි ඇත.
විදුලි රැහැන් ඇටවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සැර වැදී පුද්ගලයෙක් රෝහලේ - ගෝනෙක් මරුට