
(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය මිද්දෙනිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට ප්‍රවේශ වූ ලොරි රථයක විදුලිය වැදීමෙන් ලොරි රථය පදවා ගෙන එන ලද අයෙකු මිය ගොස් ඇති බව මිද්දෙනිය පොලීසිය කියයි.
විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු වූ දෙදරු පියෙකු වූ ජාසිං ආරච්චිගේ අමිල උදයංග නම් අයෙකු බව පොලීසිය කියයි.
ඔහු ඊයේ (28) දින සවස ගල්පොත්තයායේ පිහිටි තම නිවසට යාම සදහා ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයට ලොරි රථය හැරවීමට යාමේදී ඒ අසල තිබූ විදුලි කණුවක අනාරක්ෂිතව තිබූ විදුලි රැහැනක ලොරිය ගැටී මෙම අනතුරුව සිදුව ඇති බවට පොලීසිය සැක කරයි.
මෙම පුද්ගලයාට විදුලිය වැදී ඇති බව දැනගත් අසල නිවසක සිටි කාන්තාවක් කෑ ගසා ප්‍රදේශවාසීන් ගෙන්වා කඹයක ආධාරයෙන් මිය ගිය අය ලොරියෙන් ඈත් කොට රෝහල් ගත කොට තිබේ.
රෝහලට රැගෙන යන විටත් ඔහු මිය ගොස් තිබූණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුලි සැර වැදී දෙදරු පියා මරුට