IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


විදුලි සැර වැද්දා අලියකු මැරුවාට කතක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
සෙලෙස්තිමඩුව එළවළු ගොවිපලකදී විදුලිසැර වැදීමෙන් වන අලියකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිපල අයිති 37 හැවිරිදි කාන්තාවක් අද (24) අත්අඩංගුවට ගත්බව තිරප්පනේ වනජිවි කාර්යාලය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙට්ටන්කුලම,හිදෝගම පදිංචි ප්‍රේමාවති මංගලිකා (37) නැමති  කාන්තාවකි.

මෙම කාන්තාව විසින් තිරප්පනේ සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ එළවළු වගාවක් පවත්වා ගෙන යන අතර එම වගාවන් වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වනජිවි දෙපාර්තමේන්තුවේ ද අවසරය මත විදුලි වැටක් ඉදිකර ඇති බව වනජිවි දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දින මෙම විදුලි වැටට සම්බන්ධ කර තිබු බැටරිය අක්‍රියවිම නිසා මෙම කාන්තාව නිවසේ විදුලි පද්ධතියෙන් ඝෘජුවම විදුලිය වයරයක් මගින් අලි වැට සම්බන්ධ කිරිම හේතුවෙන් මෙලෙස අධිබලැති විදුලි ධාරාවක් වන අලියාට වැදි මෙන් වන අලියා මිය ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති.

අත්අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාව අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වනජිවි දෙපාර්තමේන්තුවේ තිරප්පනේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

විදුලි සැර වැද්දා අලියකු මැරුවාට කතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32045 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14514 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11243 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site