(තිලකරත්න දිසානායක. )
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට විදුලි බලය නොමැතිවීම මත අද (20) රියදුරු බලපත් සම්බන්ධ කටයුතු සඳහා පැමිණි සියලුම දෙනාට ආපසු හැරී යාමට සිදුවූහ.
රියදුරු බලපත් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සදහා ඇති මෙම කාර්යාලය වෙත දිනකට 500 කට අධික පිරිසක් පැමිණෙන අතර අද දිනයේද එලෙස පැමිණි අයට විදුලිය නොමැතිවීම හේතුවෙන් ආපසු හැරී යාමට සිදුව තිබිණි .
මේ සම්බන්ධයෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ සහකාර කොමසාරිස් ඊ.පී.වික්‍රමසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ , නඩත්තු කටයුතු සඳහා විදුලි බල මණ්ඩලය මගින් විදුලි බලය විසන්ධි කොට ඇති බැවින් කාර්යාලයීය කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීම මත රියදුරු බලපත් කටයුතු සදහා පැමිණි පිරිස ආපසු යැවීමට පියවර ගත් අතර මේ වෙනුවෙන් හෙට (21) දිනයේ කාර්යාලය විවෘතව තබන බවත්ය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
විදුලිය නොමැතිවීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තු ගම්පහ කාර්යාලයේ වැඩකටයුතු අඩාලයි