IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරයාගේ රථයට රෝහලේදී හානී

(ඩබ්ලිව්.ඒ. අසේල)

මාරස්සන ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයාට අයත් පෞද්ගලික මෝටර් රථය රෝහල් භූමියේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් අලාභහානි කර ඇත.

වාහනයේ ඉදිරිපස වීදුරුවට හා පැති වීදුරුවලට හානි කර ඇති අතර රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් සිදුවී ඇති බවට තලාතුඔය පොලීසියට පැමිණිලි කර ඇත.

කුමන හේතුවක් නිසා මෙසේ වාහනයට හානි කළාද යන්න නොදන්නා බව වෛද්‍ය ඩබ්ලිව්.එම්. ජයරත්න බණ්ඩාර මහතා පවසයි.



අදහස් (6)

වෛද්‍යවරයාගේ රථයට රෝහලේදී හානී

de silva Wednesday, 19 April 2017 02:27 AM

රෝගීන් ප්‍රාණ ඇපයට අරන් වර්ජන කරන එකට මිනිස්සු කුපිත වෙලා වෙන්න ඇති ,

:       217       426

sam Wednesday, 19 April 2017 07:58 AM

තම වගකීම් හරිහැටි තේරුම් අරගෙන ජනතාවට සේවය සලසන "හොඳ දොස්තර මහතෙකුට" මේවාගේ ප්‍රහාරයක් එල්ල වීමට තියන සමභාවිතාව 0.0001% පමණ බවයි මගේ හැගීම .

:       1       45

mahee Wednesday, 19 April 2017 11:32 AM

ඔන්න වෛද්‍ය සංගමේට තව හේතුවක් හැදුන වර්ජනයක් දාන්න.

:       0       30

Sudheera Wednesday, 19 April 2017 01:09 PM

කාට වුනත් මේ විදිහට දේපළ හානි කිරීම අනුමත කරන්න බැහැ, ඒක නින්දිත දෙයක්,

:       137       3

da silva Friday, 21 April 2017 07:37 AM

හැම දෙයකටම වර්ජන කර රෝගීන්ගේ ජිවිත අනතුරට පත් කරන දොස්තර සංගමයට සිතා බැලීමට කාලය පැමිණ ඇත , උසාවි නියෝග කඩමින් ඉවක් බවක් නැතුව තම බලය උපයෝගී කරමින් ජනතාවට කරදර කලොත් ඉදිරියට තව තවත් මෙවැනි ප්‍රහාර එල්ල විය හැක , මිනිස්සු හැමදාම ඉවසන්නේ නැත

:       0       0

ravin Saturday, 22 April 2017 06:43 AM

වැඩිය බය වෙන්න එපා. පළාතේ තියන පෞද්ගලික ඩිස්පැන්සරි වල අදායම අඩු ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1730 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site