(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
යක්කලමුල්ල මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරියට ස්ථානමාරුවීමක් ලබා නොයන ලෙස බලකරමින් ගම්වාසින් පිරිසක් අද (20) පෙරවරුවේ යක්කලමුල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් යක්කලමුල්ලේදී දැවැන්ත විරෝධතාවයක නිරතවිය.
මෙම වෛද්‍යවරියගේ සේවය යක්කලමුල්ල මධ්‍යම බෙහෙත් ශාලාව සඳහා අවශ්‍ය බැව් විරෝධතාකරුවෝ මෙහිදී පැවසුහ. ආයතනභාර වෛද්‍යවරිය විසින් යහපත් මානසිකත්වයෙන් මෙහි සේවය කිරිමට නොහැකි බව පවසමින් ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති අතර ඒ අනුව ඇයට කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා ස්ථාන මාරුවිමක් ලබාදී ඇත.
වෛද්‍යවරියගේ ඉල්ලීම මත ලබාදී ඇති ස්ථාන මාරුව වහා අවලංගු කර ඇයගේ සේවය තවදුරටත් යක්කලමුල්ල මධ්‍යම බෙහෙත් ශාලාව සඳහා ලබා දෙනලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති. අඩුම තරමින් මාස දෙකක පමණ කාලයක්වත් ඇය මෙකී බෙහෙත් ශාලාවේ සේවය කරන ලෙස ඔවුහු වෛද්‍යවරියගෙන් ඉල්ලා සිටියහ.



2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරියගේ මාරුව අවලංගු කරන්නයි උද්ඝෝෂණයක්