IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෛද්‍යවරුන්ගේ වාහන අවසරපත් බදුල්ලේදී හොරට යොදාගනී

(එෆ්. අස්ලම්)

 
 බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් නොවන  200 ක පමණ පිරිසක් වෛද්‍යවරුන්ට වාහන සඳහා ලබාදී ඇති අවසර බලපත්‍ර   ව්‍යාජ ලෙස මුද්‍රණය කර රිය පදවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
 

වෛද්‍යවරුන් නොවන රෝහල්වල සේවය කරන පුද්ගලයින් බොහෝ පිරිසක් පෞද්ගලික පරිගණක සැකසුම් ආයතනවලින් වෛද්‍ය වාහන අවසර පත්‍ර ව්‍යාජ ලෙස ලෙස නිර්මාණය කරගනිමින් තම වාහනවල අල්වාගෙන ඇතැයිද ඔහු පැවසීය.

 
 මේ පිළිබද බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දීමටත් පළාතේ පොලිස් ප්‍රධානීන් හා සෞඛ්‍ය බලධාරීන් හමුවී මේ ගැන සාකච්ඡා කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
 
 වෛද්‍යවරුන් මුවාවෙන් ව්‍යාජ ලෙස වාහන අවසර පත්‍ර නිර්මාණය කරගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්,මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි බරපතල අපරාධයන්ද මෙමගින් සිදුවිය හැකි බවත් මේ සම්බන්ධයෙන් පොලිසියද විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (3)

වෛද්‍යවරුන්ගේ වාහන අවසරපත් බදුල්ලේදී හොරට යොදාගනී

ගයාන් Monday, 04 March 2019 06:23 AM

තමන්ගේ නම, වෘත්තීය, රෝහල සදහන් කර අදාල රෝහලෙන් නිකුත් කරන ඒවා හැර ඉතිරි ඒවා සියල්ල හොර ඒවා තමයි. වෛද්‍යවරුන්ට රෝහලෙන් ලබා දෙන එක භාවිතයෙන් තොරව ඔවුන් භාවිතා කරන එකද හොර එකක් ලෙස හැදින්විය හැක .......

:       411       429

හර්ෂණ. Monday, 04 March 2019 08:58 AM

බදුල්ලෙ විතරක් නෙවෙයි දැන් ලංකාව පුරාම මේ වගේ හොර ඒවා පාවිච්චි කරනවා. මේ හේතුව නිසා දැන් හදිසියකදි උනත් පොලිස් මහත්වරුන් හැඳුනුම්පත පරීක්ෂා කරන්න පෙළඹිලා තියනවා. මේ ව්‍යාජ සියල්ල ඉවත් කළ යුතුයි.

:       3       10

ahinsa Tuesday, 05 March 2019 03:20 PM

එයාලගේ ඒවත් හොර ඒවා තමයි රෝහල් සේවකයෝ ඔක්කොම එකයි පාරේ යනකොට.

:       93       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site