(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ වතු නිවාස පේළියක් කඩා වැටීමේ අවදානමක් මතු වීම හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් 12 කට අයත් සාමාජිකයන් 51 දෙනෙකු එම නිවාස වලින් තාවකාලිකව ඉවත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි.
මෙම නිවාස පේළිය වසර 100 කට වඩා ඉපැරණි බව ද පොලිසිය කියයි.
මෙම නිවාස පේළිය ඉරිතලා කළුගල් ගැලවී වැටීම හේතුවෙන් එම නිවාස කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව පොලිසිය කියයි.
එම නිවාසවලට ලබාදී තිබූ විදුලි බලයද මේ වන විට විසන්ධි කර ඇත.
අවතැන්වූවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවෙස්වල පදිංචි කිරීමට වතු පාලනය අධිකාරිය කටයුතු කර තිබේ.
අවතැන්වූවන්ට අවශ්‍ය ආහාරපාන වතු පාලන අධිකාරිය මගින් ලබාදී ඇත.
වතු නිවාස පේළියේ පදිංචිව සිටි වතු කම්කරුවන් වෙනුවෙන් නව නිවාස ඉදි කිරීම සම්බන්ධයෙන් වැවිලි මානව සංවර්ධන භාරය සමඟ සාකච්ඡා පවත්වන බව වතු පාලන අධිකාරිය පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වතු නිවාස පෙළකින් කම්කරුවන් 51ක් ඉවත් කෙරේ