IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වතු කම්කරුවන් වෙනුවෙන් පාපැදියෙන් සවාරියක්

(හැටන් රංජිත් රාජපක්ෂ)                    
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට තනි නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කර දෙන ලෙස ඉල්ලා වව්නියාවේ තරුණයෙක් පාපැදියකින් කිලෝමිටර් 2125 ගමන් කරමින් බලධාරින් දැනුවත් කිරිමේ වැටසටහනක් දියත් කරයි.

වව්නියාවේ පදිංචි ධර්මලිංගම් ප්‍රදිපන් නැමති 44 හැවිරිදි මෙම  පාපැදිකරු ඉකුත් 10ද වෙනිදා වව්නියාවෙන් ගමන් ආරම්භ කර අද (23) පස්වරුවේ හැටන් නගරයට ලඟාවුණා.

ස්වයං රැකියාවක නිරතව සිටින ධර්මලිංගම් ප්‍රදිපන් මහතා දිනකට කිලෝමිටර 80ත් 100 අතර දුර ප්‍රමාණයක් පාපැදියෙන් ගමන් කරන අතර ඔහුගේ සිය ඉලක්කය අවසන් වන්නේ මාර්තු මස 13 වන දින බව ධර්මලිංගම් ප්‍රදිපන් කියා සිටියි.

වව්නියාව අනුරාධපුරය, මහනුවර , රත්නපුර , අවිස්සාවේල්ල , ගින්ගත්හේන , හැටන් ,නුවරඑලිය , බදුල්ල, මොණරාගල, පොතුවිල් , මඩකලපුව , පොලොන්නරුව, ත්‍රිකුණාමලය , මුලතිව් , කිලිනොච්චිය , යාපනය හරහා යලිත් වව්නියාවට ලගා විම ඔහුගේ අපෙක්ෂාවයි.

වව්නියාවේ තරුණයන් පිරිසක් සහ මග තොටදි තමන්ට හමුවන මිතුරන් තම ගමනට සහයෝගය දක්වන බවයි ධර්මලිංගම් ප්‍රදීපන් මහතා කියා සිටියේය.



අදහස් (1)

වතු කම්කරුවන් වෙනුවෙන් පාපැදියෙන් සවාරියක්

Ruhunu Monday, 25 February 2019 08:36 AM

ඔබගේ උත්සාහය එලෙසින්ම සාර්ථක වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site