(තුසිත කුමාර ද සිල්වා)
නිවාස කිහිපයකින් වතුර මෝටර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සහ ඒවා ප්‍රවාහනය කිරීමට අනුබල දුන් ත්‍රීරෝද රථ රියදුරෙකු මිරිස්වත්ත ප්‍රදේශයේ දී අද (15) සවස අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය නිලධාරීහු ප්‍රකාශ කළහ.
හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන් අවුරුදු 22 ත්- 26 ත් වයස්වල පසුවන්නන් බව එම ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
මතුගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසේ තිබූ වතුර මෝටරය ඇතුළු තවත් වතුර මෝටර් තුනක් අලෙවි කර තිබියදී සොයාගත් බව ද පොලිසිය කීය.
මෙම වතුර මෝටර් සුලු මුදල් වලට අලෙවි කර ලබාගත් මුදල් වලින් හෙරොයින් පානය කර ඇතැයිද විමර්ශන සිදුකර නිලධාරීහු කියති. අත්අඩංගුවට ගත් සැකකරුවන් මිරිස්වත්ත යගිරල සහ මානාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වතුර මෝටර් සොරකමේ ගිය 3 ක් අත්අඩංගුවට