IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වතුර නෑ: රජරට සරසවි පීඨ 4 ක් යළි ඇරීම තවත් කල්යයි

(අතුල බණ්ඩාර සහ අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

දැනට වසා දමා තිබෙන රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ හතර යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ වන විට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයට ජලය සැපයීමේ අසීරුතාවයක් උද්ගත වී තිබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් දැනුම් දී තිබෙන බැවින් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය මගින් මෙම තීරණය ගත් බව උපකුලපතිවරයා කීය.

ඒ අනුව මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ අධ්‍යයන පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්ෂණ විද්‍යා පීඨය යන පීඨ හතර නැවත විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා කියා සිටියේ මෙම පීඨ හතරෙහි සිසු සිසුවියන් හාර දහසක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බවයි. ඔවුන් සියලු දෙනාම මිහින්තලේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි නේවාසිකාගාරවල නවාතැන් ගෙන සිටින නිසා මේ අවස්ථාවේ එතරම් පිරිසකගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තරම් ප්‍රමාණවත් අයුරින් ජලය සැපයීමට අසීරු බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර චමින්ද ලොකුබරණ මහතා තමාට දැනුම් දුන් බව කී උපකුලපතිවරයා ඒ අනුව මෙම තීරණය ගත් බව පැවැසීය.

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ නේවාසිකාගාරවල සිසු සිසුවියන් අතර පැපොල රෝගය හා වෛරස් උණ රෝගයක් පැතිර යාම නිසා පසුගිය 08 වැනිදා හදිසියේම මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන පීඨ හතර වසා දැමීමට මෙම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කරනු ලැබීය.

වසා දැමුණු එම පීඨ හතර පෙරේදා (27) යළි විවෘත කිරීමට නියමිතව තිබුණි. නමුත් ඒ අතරතුර මෙම ජල ගැටලුව පැන නැගුණු නිසා එම පීඨ හතර විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බව උපකුලපතිවරයා පැවැසීය.



අදහස් (1)

වතුර නෑ: රජරට සරසවි පීඨ 4 ක් යළි ඇරීම තවත් කල්යයි

දිමුත් Wednesday, 29 August 2018 06:48 AM

විශ්වවිද්‍යාලයක් හදන කොට හරියට සැලසුම් කරපු නැති ප්‍රශ්න තමයි මේ පේන්න තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31770 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14228 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11146 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site