
(යොහාන් භාසුර)
කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකළ කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය අද (16) විවෘත කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දක්වමින්, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් ශ්‍රි ලාංකියන්ගේ පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රහයෙන් මෙම ප්‍රතිකාර ඒකකය ඉදිකළේය.
මෙම ඒකකය කොවිඩ් 19 ආසාදිත විශේෂ ප්‍රතිකාර අවශ්‍ය රෝගින් 20 දෙනෙකුට එකවර ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් සහිත ඇඳන් 20 කින් සමන්විත වේ.
විවෘත කිරීමේ අවස්ථාවට නාවික හමුදාධිපති නියෝජනය කරමින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා, ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න, වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි, මොහොමඩ් ඊබ්රහිම් සීරාජ් යන මහත්වරු ඇතු`ඵ පිරිසක් සහභාගි වූහ.



2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතුපිටිවල රෝහලේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර ඒකකය විවෘත කරයි