රංජිත් රාජපක්ෂ
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1200 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් බගවන්තලාවේ සිට කොළඹ දක්වා පාගමනක් අද (23) ඇරඹුහ.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ කර්මාන්ත ශාලාව අසලින් ආරම්භ කළ පාගමන බගවන්තලාව නගරයට පැමිණ බගවන්තලාව ශ්‍රි තෙණ්ඩායිදුපාණි කෝවිලේ දී විශේෂ ආගමික වතාවන් වලින් පසු පාගමන ආරම්භ කෙරිණි.
මෙම පාගමනේ යෙදෙන වතුකරයේ තරුණයන් පැවසුවේ වතු කම්කරුවකුගේ මුලික වැටුප රු 1200 දක්වා වැඩිවිය යුතු බවයි.
දින පහක් ඇතුළත පාගමනින් කොළඹට ගොස් වතු කම්කරුවන්ගේ වැටුප රු 1200 දක්වා වැඩි කිරිමට මැදිහත්වන ලෙසට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ යන මහතුන්ට සහ වතු හාම්පුතුන්ගේ සංගමයට විශේෂ සංදේශයක් බාර දීමට කටයුතු කරන බවයි.



2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුකම්කරු වැටුප වැඩි කරන ලෙස ඉල්ලා කොළඹට පාගමනක්