IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වතුකම්කරුවෝ හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක

(රංජිත් රාජපක්ෂ)   
 
රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවෝ පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24)  උද්ඝෝෂණයක නිරතවුහ.

අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන්  විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය  සහ වතු ඒකාබද්ධ වෘත්තීය  සමිති අතර වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා වැඩි කිරීමට දෙපාර්ශවයම විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අමතරව රජය මගින් රුපියල් 50 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වූ බව උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ පවසති.

වතු කම්කරුවන්ට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැඩි කළ වැටුප ප්‍රමාණවත් නොවන නිසා වතු කම්කරුවන්ට රජයේ මැදිහත් වීමකින් යම් සාධාරණ මුදලක් වැඩි කළ යුතු බවට අමාත්‍යය මනෝ ගනේෂන්, අමාත්‍යය පලනි දිගම්බරම්, රාජ්‍යය අමාතත්‍යය වී රාධාක්‍රිෂ්ණන් ඇතුළු දමිළ ප්‍රගතශීලි සන්ධානයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහතුන් සමඟ දිර්ඝ වශයෙන් කළ සාකච්ඡාවේදී තේ මණ්ඩලය සංචිතයේ තිබෙන මුදල් වලින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 50 ක අමතර වැටුපක් හිඟ මුදල් සමඟ ලබාදෙන බවට එහිදී රජය පාර්ශවයෙන් එකඟතාවය පළ කර තිබිණි.‍

එම රුපියල් 50 ලබාදීමට අමාත්‍යය නවීන් දිසානායක මහතා විරුද්ධ වන නිසා ඔහුව අමාත්‍යය ධුරයෙන් ඉවත් විය යුතු බවට ද උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ කීහ.

රජය මගින් ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 වැටුප ලබා නොදෙන්නේ නම් වතුකරය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්, උද්ඝෝෂණයේ නියැලී සිටි එම වෘත්තීය සමිතිවල  සාමාජිකයෝ පැවසුහ.



අදහස් (0)

වතුකම්කරුවෝ හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site