IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙඩි වැදුණු අලියෙකු ගොඩගන්න වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක

(කුෂාන් ජයවර්ධන)

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වල් අලියෙකුට ප්‍රතිකාර කර සුවකිරීමට වනජීවි නිලධාරීහු අද (12) මහත් පරිශ‍්‍රමයක් දැරූහ.

කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් පලාගල වඩුවගේ වැව ඉස්මත්තේ එම අලියා වැටී සිට ඇති අතර  බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලබා සිටින එම අලියා දින ගණනක සිට පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටියි.

අලියාගේ දකුණු පසුපස ඉදිරි පාදය හා පසුපස පාද දෙකටම වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වල් අලියා බිම ඇඳ වැටී සිටි අතර පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින අලියා නැවත නැගිට්ටවා තැබීමට වනජීවී නිලධාරීහු දැඩි පරිශ‍්‍රයක් දැරූහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස්.වේරගම මහතාගේ හා වයඹ කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන් අලියා නැගිට්ටවීම සඳහා වූ මෙහෙයුම ක‍්‍රියාත්මක කෙරිණ.

පැය ගණනක් වූ එම උත්සහය ව්‍යර්ථ වූ අතර මෙහෙයුමට එක්වූ  වනජීවී නිලධාරීන් පැවැසූයේ අලියාගේ තත්ත්වය බරපතළ බැවින් එම උත්සහය අසාර්ථක වූ බවයි.

කෙසේ වෙතත් බිම ඇද වැටී සිටින එම වල් අලියාගේ දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරීහු අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දෙමින් සිටින අතර අවශ්‍ය ආහාර පාන සපයා දෙමින් රෝගී අලියාගේ කුසගින්න නිවා දැමීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීහු කටයුතු කරමින් සිටියි.

අලියාගේ ආරක්ෂාව සඳහා ද වනජීවි නිලධාරීන් මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මක කර ඇත.



අදහස් (0)

වෙඩි වැදුණු අලියෙකු ගොඩගන්න වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site