(මහේෂ් කීර්තිරත්න)
පොහොය දින වැඩිමිලට විකිණීම සඳහා මෙරට නිෂ්පාදිත අරක්කු තොගයක් මාතලේ ත්‍රිකුණාමල විදියේ විසිතුරු මත්ස්‍ය අලෙවි සැලක සූක්ෂම ලෙස සඟවා තිබියදී මාතලේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද (16) පස්වරුවේ එක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර විවිධ නාමයන් සහිත රජයේ අරක්කු බෝතල් 200කට ආසන්න ප්‍රමාණයක් සහ බියර් ටින් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
පොහාය දින මත්පැන් අලෙවිසැල් වසා තැබීම නිසා මෙම වෙළදසැලේ මෙම අරක්කු සඟවා පොහොය දින පුරා සහ රාත්‍රියේ අනුමත මුදලට වඩා වංචනික ලෙස මෙම අරක්කු වර්ග වැඩිමිලට විකුණන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණවී තිබේ.
සැකකරු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැඩි මිලට අලෙවි කිරීමට තිබූ අරක්කු බෝතල් තොගයක් අත්අඩංගුවට