ජුඩ් සමන්ත
යාපනය හිටපු මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ වර්ෂ පූර්ණ ගුණ සැමරීම ඊයේ (22) පැවැත්විණි.
හලාවත - කුමාරකට්ටුවේ පිහිටි සරත් හේමචන්ද්‍ර මහතාගේ නිවසේ පැවති මෙම අවස්ථාවට ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාද එක්ව සිටියේය.


යාපනය නල්ලූර් ප්‍රදේශයේදී පසුගිය වසරේ ජූලි 22 වැනි දා මෙම ඝාතනය සිදු විය.
එවකට යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි එම්.ඉලන්චේලියන් මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි සරත් හේමචන්ද්‍ර මහතා දෙදරු පියෙකි.
මහාධිකරණ විනිසුරුවරයාට පෙර ගමන් සපයමින් සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් සරත් හේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් විය.
සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සදහා සහභාගී වූ මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා කියා සිටියේ සරත් හේමචන්ද්‍ර මහතා තමාගේ සමීප මිතුරෙකු බවත්,තමන් වෙනුවෙන් දිවි පිදූ ඔහුගේ දරුවන්ගේ අනාගතය තමා බාර ගන්නා බවයි.
ඒ අනුව තාවකාලිකව ඉදිකර තිබූ සරත් හේමචන්ද්‍ර මහතාගේ නිවසේ කටයුතු ද මහාධිකණ විනිසුරුවරයාගේ මැදිහත්වීම මත මේ වන විට අවසන් වී ඇත.
වර්ෂ පූර්ණයට සහභාගී වූ මහාධිකරණ විනිසුරුවරයා සරත් හේමචන්ද්‍ර මහතාගේ පවුලේ අය සමඟ ඔහු භූමදානය කර ඇති සුසාන භූමිය වෙත ගොස් ස්මාරකයට ගෞරව දැක්වීම ද සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන්ගෙන් ගුණසැමරුමට ඉලන්චේලියන් එක්වෙයි
විජිත් Monday, 23 July 2018 06:26 AM
අව්‍යාජ මිනිස්කම කියන්නේ මෙයයි. ජාති, කුලමල ආගම ,ධනය ,බලය වැනි පුහු දේවල්වල නැති උත්තරිතර බවක් "මිනිස්කම" තුල රැඳී තිබෙන බව ලෝකයට කියාපාන තවත් එක අවස්ථාවක්.