(නිශාන්ත කුමාර)
මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ප්‍රදේශයේ මැණික් පතල් වාඩියක් මුර කරමින් සිටි පුද්ගලයකුට පහරදී එම වාඩියට ගිනි තැබූ බව කියන පුද්ගලයින් දෙදෙනාගේ රුධිර සාම්පල් දෙකක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ බව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් දයානන්ද මහතා අද (6) පැවසීය.
බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා නියෝගයක් මත මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුගේ රුධිර සාම්පල් මෙලෙස රජයේ රස පරීක්ෂකයා වෙත යොමුකර ඇත.
ඇකිරිය ගම්මානයේ මැණික් පතලක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට අයත් වාඩියකට බීමතින් පැමිණි මෙම සැකකාර පුද්ගලයින් දෙදෙනා එම වාඩියේ සිටි පුද්ගලයකුට පොලුවලින් පහරදී වාඩියට ද ගිනි තබා සිද්ධියෙන් පසුව ඇතිවූ බව කියන පිලිස්සුණු තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා බදුල්ල පළාත් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටීයදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔවුන් දෙදෙනාට ඇප කොන්දේසි කීපයක් මත මුදා හැර තිබිණී.
කෙසේ වෙතත් යළි මෙම නඩුව කැදවූ අවස්ථාවේ සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලීසිය විසින් ලබා ගත් රුධිර සාම්පල් කීපයක් සම්බන්ධයෙන් සැළකිල්ල යොමුකළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ රුධීරය සමඟ එම රුධීර සාම්පල් ගැලපේ දැයි සොයා බැලීම සඳහා සැකකරුවන්ගේ රුධීර සාම්පල් කීපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස පොලීසියට නියෝග කර ඇත.
රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව සැකකරුවන් යලි උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාඩියට ගිනි තැබූ දෙදෙනාගේ රුධිර සාම්පල රස පරීක්ෂකට