(විනීතා එම් ගමගේ)
පොලිතින් වර්ග තුනක් සහ ක්‍රියාකාරකම් දෙකක් තහනම් කරමින් 2017 දී පැනවුණු නීතිය යටතේ පොලිසියට අත්අඩංගුවට ගැනීමේ බලතල ලැබී නොතිබීම හේතුවෙන් එම නීතිය නිසිඅයුරින් ක්‍රියාත්මක කළ නොහැකි වී ඇතැයි පරිසර පොලිස් කොට්ඨාසය කියයි.
එම ගැසට් පත්‍රවල සඳහන් වැරදි පිළිබඳ සිදුකරන වැටලීම් වලදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමඟ පොලිස් නිලධාරීන් ද සහභාගීවන නමුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බැවින් එම වැටලීම් අසාර්ථක බව පොලිස් පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හසින්ත පියරත්න මහතා ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් අධිකාරියේ අද (30) පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
පොලිසියට සිදුව ඇත්තේ පරිසර නිලධාරීන්ට ආරක්ෂාව සැපයීම පමණක් බව කී පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට වසර එක හමාරකට පෙර සිට බලතල ඉල්ලමින් සිටින බව ද කීය.
පරිසර යුක්ති කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් මෙම සාකච්ඡාව පැවැතියේ එක්වරක් පමණක් භාවිතා කර ඉවත ලන පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවය.
2017/2033 සිට 2017/38 දක්වා වන අංක යටතේ ගැසට් පත්‍ර හයක් නිකුත් වූයේ එම වසරේ සැප්තැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය.
එකී ගැසට් පත්‍රවල අංක 2033 දරන ගැසට් පත්‍රය අනුව මයික්‍රෝන 20 ට වඩා අඩු ගණකම ඇති පොලිතින් නිෂ්පාදනය අලෙවිය හෝ ලඟ තබා ගැනීම තහනම්ය.
අංක 2034 දරන ගැසට් පත්‍රය අනුව පොලිතින්වලින් බත් කොල නිපදවීම තහනම් වේ. අංක 2035 ගැසට් පත්‍රය අනුව එච් ඩී පී පොලිතින් නිපදවීම තහනම් වේ.
2036 ගැසට් පත්‍රය අනුව කසල පිලිස්සීම තහනම් වන අතර අංක 2037 ගැසට් පත්‍රය අනුව කවර හෝ උත්සවයක දී පොලිතින් භාවිතා කරමින් සැරසිලි කිරීම තහනම් වේ.
අංක 2038 දරන ගැසට් පත්‍රය අනුව විස්තිරණ පොලිස්ටාරින් ආහාර අසුරන සඳහා යොදා ගැනීම තහනම් වේ.
මේවා සම්බන්ධ වැටලීම්වලට යන නමුත් එහි දී පොලිසියට අත්අඩංගුවට ගන්නට බලතල නොමැති කම හේතුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාවට නැන්විය නොහැකිව ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වැටලීම් වලදී අත්අඩංගුවට ගැනීමේ බලතල පරිසර පොලිස් කොට්ඨාසයට නෑ