IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වංචා කල්ලියක මහමොළකරුවන් අත්අඩංගුවට

පුෂ්පකුමාර  මල්ලවආරච්චි 

                               
වංචා සහගත ලෙස මුදල් ආධාර එකතු කිරීමේ නියුතු  සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ කාන්තාවක හා පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමකින් පසු එහි ප්‍රධාන සැකකරුවන් වූ පැල්මඩුල්ල ප්‍රදේශයේ යුවළක් අද(06) සවස අත්අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි.   
                                        
පිට කොන්දේ ආබාධයකින් පෙළෙන 19 හැවිරිදි තරුණියකගේ ඡායාරූපය හා විස්තර යොදා ගනිමින් ඇගේ අනුදැනුමකින් තොරව ශල්‍යකර්මයක් සඳහා කියමින් මෙසේ  මුදල් එකතු කර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.                         
 සැකකටයුතු පිරිසක් වීරගුල පොලිස් වසමේ මුදල් ආධාර එකතු කරන බවට ලත් තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි. 
මෙම සැකකරුවන් කලින් කලට විවිධ රෝගීන්ගේ තොරතුරු සහිතව මේ ආකාරයට මුදල් වංචා කිරීමේ යෙදී ඇතැයි හෙළි වී තිබේ.                                               
සැකකරුවන් සතුව තිබී රුපියල් පනහේ හා සියයේ ආධාර පොත්, තරුණියගේ ඡායාරූපය සහිත බැනරයක්, රුපියල් 2500 ක පමණ මුදලක්, ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත. 



අදහස් (0)

වංචා කල්ලියක මහමොළකරුවන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site