IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


වගා ළිඳකට වැටුණු කෙනෙර සහ පැටවා බේරා ගනී

 (කුෂාන් ජයවර්ධන) 
 
කැකිරාව සදගල්පාය නිවාස සංකීර්ණය ප්‍රදේශයේ අතහැර දැමූ වගා බිමක තිබූ අනාරක්ෂිත වළකට වැටී සිටි කෙනරක හා පැටවකු ගොඩ ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු හා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහු අද (24) කටයුතු කළහ.
 
කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැදුණු අවස්ථාවේ එම අලි පටවා හා කෙනෙර මෙම වළට ඇද වැටී ඇති බව වනජීවි නිලධාරීහු පවසයි.
 
 වළට වැටී සිටි පැටවා වයස අවුරුදු 03ක් පමණ වන අතර  කෙනෙර වයස අවුරුදු 20ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.කෙනෙර එම වළ අසළ රැදී සිටිමින් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබිණි.
 
පසුව ප්‍රදේශවාසීන් කළ දැනුම් දිමක්  අනුව ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ හා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමින තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබිණ.
 
බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් එම වලේ කට ඔස්සේ කැපූ මාරගයක් ඔස්සේ එම අලි පැටවා හා කෙනෙර ගොඩ ගැනීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
නිරුපද්‍රිතව ගොඩගත් මව් කෙනෙර හා පැටවා යළි කලාවැව ජාතික උද්‍යානය වෙත පලවා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහුද ගම්වාසීහුද වනජීවි නිලධාරීන්ගේ එම මෙහෙයුමට සහය වූහ.

 



අදහස් (0)

වගා ළිඳකට වැටුණු කෙනෙර සහ පැටවා බේරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 160 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1688 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site