නාලක සංජීව දහනායක
වන සතුන්ගෙන් වගාවන්ට වන හානිය වැළැක්වීම සඳහා මෙතෙක් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් මාසයක් ඇතුළත තමාට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.
වන සතුන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා මෙතෙක් ගත් සියලූම ක‍්‍රියාමාර්ග අසාර්ථකව ඇතැයි පැවසූ අමාත්‍යවරයා වනසතුන් විනාශ කිරීම සඳහා තුවක්කු ලබාදීම ද ඵලරහිත ක‍්‍රියාවක් වී ඇතැයි ද පැවසීය.
ඒ අනුව පසුගිය වසරේ තුවක්කු පහලොස් දහසක් හා පතරොම් ලක්‍ෂ දෙකක් නිකුත් කළද ඉන් පතරොම් දහතුනක් පමණක් භාවිතා වී ඇතැයිද සඳහන් කළේය.
වනසතුන්ගෙන් සිදුවන වාර්ෂික හානිය සියයට 40 ඉක්මවන අතර ඇතැම් ප‍්‍රදේශවල එම තත්ත්වය සියයට 65 ඉක්මවන බව අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 18 මුදලක් රටට අහිමිවන බව චීන විශේෂඥයින් පිරිසක් විසින් මෑතකදී සිදුකරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.
මේ වනවිට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය විසින් වනසතුන්ගෙන් සිදුවන හානි වැළැක්වීමේ පැරණි ක‍්‍රම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකරන අතර එම කටයුතු ඉක්මණින්ම අවසන් කර අදාළ වාර්තාව සකස් කරන ලෙසට අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී. විජේරත්න මහතාට උපදෙස් දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වගා හානි වළක්වන්න ගත් ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් ඉල්ලයි