IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය සිසුහු විදී බසිති

(තිලකරත්න දිසානායක)
 
ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයෙහි සිසු සිසුවියෝ පිරිසක් අද (29) කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් පසක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 
 

විද්‍යායතනයෙහි 500 ක් පමණ වන මෙම සිසු සිසුවියන් හට මාස තුනක පමණ කාලයක සිට නිසි පරිදි අධ්‍යයන කටයුතු සිදු නොවීම, අවසන් වසර සිසුන්ගේ විභාග ප්‍රතිඵල නිසි අයුරින් ලබා නොදීම, ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති වීම,  සීමාවාසික වෛද්‍ය පුහුණුව ප්‍රමාදවීම, යෝජිත ශික්ෂණ රෝහල් සංකීර්ණය සහ යෝජිත නේවාසිකාගාරය ඉදි නොකිරීම යන ගැටළුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණය කළහ.
 
විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවූ අතර එනිසා සිදුවූ  මාර්ග අවහිරතාව මගහරවාලීම සඳහා වීරගුල පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
 


 



අදහස් (0)

වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය සිසුහු විදී බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site