IMG-LOGO

ලොරි රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

(ඩී.කේ.රත්න)
 
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය හයේ කණුව ප‍්‍රදේශයේදී අද ( 9) ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
 
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියෙන් ගමන්ගත් පුද්ගලයෙකි.
 
තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
 
බදුල්ල පස්සර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
 
අනතුරට සම්බන්ධ ලොරි  රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැල්ලවාය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
 
වැල්ලවාය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

ලොරි රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 370 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 182 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1874 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site